බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගත් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (03) සිදු කළ වැටලීමක දී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 180 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වයස අවුරුදු 58 ක් වන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

එසේම, සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (03) රාත්‍රි කාලයේදී සෙවනගල පොලිස් වසමේ දන්ඩුව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 1,000 ක් සන්තකයේ තබාගෙන ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයද සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අවුරුදු 39 හා 49 වයස්වල පසුවන සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සෙවනගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.