මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්, මෙම යල කන්නයේදී ජලය මනා කළමනාකරණයකින් සහ අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග අධ්යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.
එමෙන්ම සියලුම ගොවි මහතුන් සහ අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් ජල කළමනාකරණය සම්බන්ධයෙන් කාර්යක්ෂමව සහ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියේය.
බිම් සැකසීමේදී හැකි සෑම අවස්ථාවකම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිතා කරන ලෙසද ඔහු උපදෙස් දී තිබේ.
ජල කළමනාකරණ කමිටු සහ අනෙකුත් කමිටු විසින් ජල පාලනය සඳහා ගන්නා තීරණ අනුව කටයුතු කරන ලෙසද ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටි .
මේ වනවිට බොහෝ වාරි ව්‍යාපෘතිවල වගා කටයුතු ආරම්භ වී ඇති අතර, බිම් සැකසීම සහ වගා ප්‍රතිස්ථාපනය වැනි කටයුතු සිදු කෙරෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.
වාරි ව්‍යාපෘති 205ක බිම් සැකසීම මේ වනවිට අවසන් වී ඇති අතර, අනෙකුත් ව්‍යාපෘතිවල යල කන්නයට අදාළ බිම් සැකසීම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමට නියමිත බවද පැවසීය.








