Month November 2024

කොළඹ හා යාපනය ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. යාපනය හා කොළඹ නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත්, නුවරඑළිය හා බදුල්ල යන නගරවල වායු…

දින හතරෙන් ඉන්සියුලීන් ගැටලුව නිමයි

හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසිරිය මහතා සඳහන් කළේ , සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම…

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ වෙනස් වන්නේ මෙහෙමයි

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබෙයි ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස්…

ආදායම් බදු ‌‌‌‌ගෙවන අයට අද කළ විශේෂ දැනුම්දීම

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල අද(30) දිනයේද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය…

ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව ඊයේ 29 වැනි දින ප. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරුදෙසින්සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 30 දින සවස් කාලයේදීඋතුරු තමිල්නාඩු-පුදුචෙරිවෙරළ…

ABBA Show එකට අපි ගියා – අපි රසවින්දනයක් තියෙන මිනිස්සු

ගල්කිස්ස මහා හෝටලයේ පැවති ABBA උපහාර සංදර්ශනයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ තමන් ඇතුළු පිරිස ඊට සහභාගී වී රසවින්දනය සඳහා තාලයක් ඇති මිනිසුන් ලෙස…

සජබ පටලැවිල්ලක – ජාතික ලැයිස්තුව කොට උඩ

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ලබන සතිය වන විට පුද්ගලයින් පත්කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි. පක්ෂ මහ ලේකම්වරයා විදෙස්ගත සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා…

මාස 6කට පසු උතුරු අහසේ චීන බැලූනයක්-තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය කියයි

උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක් දර්ශනය වූ බවත්, එවැනි සිදුවීමක් වාර්තා වූයේ මාස 6කට පසුව බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි හඳුනාගත නොහැකි බැලූන චීනයෙන් සිදුවන හිරිහැර ලෙස දකින තායිවානය සිය භූමිය උල්ලංඝනය…

දකුණු ආසියාතික ටිබෙට් ප්‍රජාවට අමෙරිකාවෙන් පස් අවුරුදු වැඩසටහනක්

ඉන්දියාව හා නේපාලය වැනි දකුණු ආසියාතික රටවල ජීවත්වන ටිබෙට් ජාතිකයන්ට සහායවීම සඳහා පස් අවුරුදු වැඩසටහනක් ආරම්භ කිරීමට අමෙරිකානු රජය ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් අරමුදල සහ මධ්‍යම ටිබෙට් පරිපාලනය හා ඒකාබද්ධව එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු රජය…

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ බංග්ලාදේශය 165ට වැටෙයි

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180ක් අතරින් බංග්ලාදේශය 165 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට වසර ගණනාවකට පෙර එනම්, 2015 වසරේදී බංග්ලාදේශය ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ 145 වැනි ස්ථානයේ පසුවූ බව ද වාර්තා වේ. එරට…