Category Technology

ඉන්දීය රාජකීයයන් සතු වූ 17 වන සියවසේ ‘සුපිරි පරිගණකය’ වෙන්දේසියට

17 වන සියවසේ ඉන්දියාවේ ජායිපූර් රාජකීය එකතුවට අයත් වූ, අතේ රැගෙන යා හැකි තාරකා විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකෙන සුවිශේෂී ඇස්ට්‍රොලේබ් (Astrolabe) උපකරණයක් ලන්ඩනයේ  Sotheby’s වෙන්දේසි ආයතනයේදී එළැඹෙන 29 වන දින වෙන්දේසි කිරීමට නියමිතය. පිත්තලෙන් නිමවා ඇති මෙම උපකරණය ලොව දැනට…

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණේ

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණ ගනී. බ්‍රිතාන්‍යයේ සන්නාම තක්සේරු ආයතනයක් වන “Brand Finance” ඊයේ (23) “2026 වසරේ ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම සියය”වාර්තාව නිකුත් කර තිබේ. චීන මෝටර් රථ සන්නාම 24ක්…

ඇපල් සමාගමේ CEO ටිම් කුක් ධුරයෙන් ඉවතට – නව තනතුරට ජෝන් ටර්නස් එයි

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ‘ටිම් කුක්’ එම තනතුරෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. 2026 සැප්තැම්බර් 1 වැනිදා සිට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ‘ජෝන් ටර්නස්’ වැඩ භාර ගනු ඇති බවඳ සඳහන් වෙයි. ඔහු දැනට…

පණිවිඩවල රහස්‍යභාවය සුරකින තාක්ෂණය TikTok ප්‍රතික්ෂේප කරයි

ටික්ටොක් සමාගම සිය තරගකාරී ආයතන බොහෝමයක් භාවිත කරන “අන්තයේ සිට අන්තයට සංකේතනය” (End-to-End Encryption – E2EE) නැමැති මතභේදාත්මක රහස්‍යතා විශේෂාංගය හඳුන්වා නොදීමට තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙමගින් පරිශීලකයන්ගේ ආරක්ෂාව අඩු වන බවයි. E2EE යනු පණිවිඩයක් යවන්නාට සහ ලබන්නාට පමණක්…

ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථානවලට දැඩි හානී

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  දත්ත මධ්‍යස්ථාන දෙකකට සෘජුවම හානි සිදුව ඇති අතර බහරේනයේ පිහිටි…

iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ, අයිෆෝන් (iPhone) පරිශීලකයන් වෙත බවයි සඳහන් වන්නේ. මෙම ගැටළු සම්බන්ධයෙන් මේ වනවිට Downdetector වෙබ් අඩවිය වෙත පැමිණිලි ද ලැබී ඇති බව එම…

පැය දෙකක ඇණහිටීමෙන් පසු YouTube යථා තත්ත්වයට

අද(18) උදෑසන 6:30 ට පමණ යූ ටියුබ් වෙත ප්‍රවේශය ඇනහිටීමක් තාවකාලික සිදු වූ අතර, පෙ.ව. 08:30 ට පමණ සියලුම කාර්යයන් යථා තත්ත්වයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර…

පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල් වෙයි

පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල්කරණය කරමින් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ.  ඒ, එම වෙළඳපොළේ දෛනික මූල්‍ය ගනුදෙනු වඩාත් විධිමත් කිරීමේ අරමුණෙනි.  නාගරික සංවර්ධන අධිකාරිය මඟින් හඳුන්වා නව මාර්ගත පද්ධතිය අද (02) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක,…

ටෙස්ලා රොබෝ ටැක්සි සේවාව පුළුල් ව්‍යාප්තියකට සූදානම්

ටෙස්ලා සමාගමේ රොබෝ ටැක්සි සේවාව මේ වන විටත් අමෙරිකානු නගර කිහිපයක ක්‍රියාත්මක වන අතර, මෙම වසර අවසානය වන විට එය ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසනවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක…

Google සමාගම Apple සමාගම පසුකරයි

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම අද (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Alphabet සමාගම මෙලෙස ඉහළම මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක…