ඇපල් සමාගමේ CEO ටිම් කුක් ධුරයෙන් ඉවතට – නව තනතුරට ජෝන් ටර්නස් එයි

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ‘ටිම් කුක්’ එම තනතුරෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

2026 සැප්තැම්බර් 1 වැනිදා සිට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ‘ජෝන් ටර්නස්’ වැඩ භාර ගනු ඇති බවඳ සඳහන් වෙයි.

ඔහු දැනට සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයායි.

මේ අතර, CEO ධූරයෙන් ඉවත්වන ‘ටිම් කුක්’ ඇපල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති ධුරයට පත්වන බව ද ඇපල් සමාගම නිවේදනය කර තිබේ.