Month March 2026

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, මැයි 27 වන දින සිට ජුනි 02 වන දින දක්වා කාලය ‘වෙසක් සතිය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙවර…

සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, සම්බා සහ කීරි සම්බා සඳහා ආදේශක ලෙස සැලකෙන, ‘පොන්නි සම්බා’ සහ ‘කීරි / සුදු පොන්නි’ ඇතුළුව…

සජින් වාස් ගුණවර්ධනට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරු…

පාසල්වල 2 සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය

2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි, පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක…

මැතිවරණ කොමිසමේ ඊ-සේවා තවදුරටත් පුළුල් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාව විසින් මහජනතාවට සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා වන මාර්ගගත ‘මැතිවරණ ඊ-සේවා’ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර ඇති බව එම කොමිසම පවසනවා. ඒ අනුව, ග්‍රාම නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හෝ කොමිෂන් සභාව වෙත පෞද්ගලිකව පැමිණීමකින් තොරව, අන්තර්ජාලය…

කිරිවත්තුඩුවේ ගම් රැසකට මාස 3කින් ජලය නැහැ: බිල්පත විතරක් නොවරදවාම ගෙදරට

හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ගම්මාන රැසකට මාස තුනක පමණ කාලයක සිට නිසි පරිදි පානීය ජලය නොලැබීම හේතුවෙන් දහසකට අධික ජනතාවක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව අප වාර්තාකරු පවසනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති…

යළි විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට විදුලි බල මණ්ඩලයට පුළුවන්: මහජන උපයෝගිතා කොමිසම

මැදපෙරදිග යුද තත්ත්වය හා ඉන්ධන මිල වැඩිවීම මත යළි විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. හෙට සිට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (30)…

ජී.එල්ගේ නිවසේ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක්

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයින් රැසක්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වී තිබෙනවා. ඊයේ (30) සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ නාරාහේන්පිට චිත්‍රා පටුමගේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී. බාල…

ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරක පසු ඉහළම අගයට

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමග ඇලුමිනියම් මිල වසර හතරකට පමණ පසු ඉහළම අගය වාර්තා කර තිබේ. විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහයක් වන ඇලුමිනියම් ඊයේ…

‘දිග්ගැස්සෙන යුද්ධයෙන් දරුවනුත් මානුෂීය අර්බුදයක’ – යුනිසෙෆ්

මැදපෙරදිග යුදමය ගැටුම් උත්සන්න වීමත් සමඟ කලාපය පුරා දරුවන්ට එය විනාශකාරී හානියක් සිදු කරමින් පවතී. යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පරිදි මෙම ගැටුම් හේතුවෙන් දරුවන් 340 කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇත. ඉරානයේ දරුවන් 216 දෙනෙකු මිය ගොස්…