Category Local News

දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය සම්බන්ධව දැනුම්දීමක්

දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. අදාළ…

ආපදා අවස්ථාවන් හිදී කාන්තාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මානුෂීය ආධාර තොගයක්

මෙරටට බලපාන ආපදා සහ හදිසි අවස්ථාවන් හිදී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ මාතෘ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකකට අධික මානුෂීය ආධාර තොගයක් මෙරටට ලැබී තිබේ. අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව තහවුරු…

කාලගුණයේ වෙනසක් – වැස්සට හිතකර වායුගෝලීය තත්ත්වයක්

ඒ අනුව උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි…

2027 වසරට ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රාග්ධන මුදල් ලෙස රුපියල් බිලියන 6.7 ක්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා සියළු පළාත් ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව මඟින් 2025-2030 කාල පරාසය සඳහා මූල්‍ය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙම මූල්‍යාධාර වැඩසටහනට අනුව විශ්ව සෞඛ්‍ය ආවරණය සඳහා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ පාලනය ශක්තිමත් කිරීම අරමුණු…

මත් සැකකරුවෝ 828ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 828 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දිවයින පුරා සිදු කළ මෙහෙයුම් 828ක දීය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇත. තවත් සිව් දෙනෙකු පුනරුත්ථාපනයට යොමු…

අත්අඩංගුවට ගත් ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. සැකකරු අද කොළඹ අලුත්කඩේ අංක 3 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ…

දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරය වැරදීමකින් සිදුවූවක් බවට පොලිසිය සැකපළ කරයි. එම ප්‍රහාරයෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියාද තුවාල ලබා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර…

අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු තණමල්විලදී අත්අඩංගුවට

නිවාස බිඳීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අවේක්ෂණ හා විමර්ශන ඒකකය විසින් තණමල්විලදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රාජගිරිය ප්‍රදේශයේ නිවසක් බිඳ එහි සිටි කාන්තාවකගේ ජංගම දුරකථනයක් සොරකම් කර ඇත. එමෙන්ම එම දුරකථනය හරහා ඇය නිදා සිටින…

මත්තල ගුවන්තොටේ සැරිසරන මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ සැරිසරන මුවන් වෙඩිතබා ඝාතනය කර, එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයන්ට අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ ගුවන් හමුදා නිලධාරීන් 5ක් සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ගුවන් හමුදා නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ භූමිය තුළදී…

හම්බන්තොට වරායේ වාහනවල ‘Smart Key’ සොරකම්කළ අයෙකු අත්අඩංගුවට

ම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල ‘ස්මාර්ට් කී’ (Smart Key) සොරාගෙන, විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා ඊයේ (11) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී එළැඹෙන 22…