Category Local News

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල /කාර්යාල 20ක් මඟින් මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, දූත මණ්ඩල / කාර්යාල 20ක් ආවරණය වන පරිදි…

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, මෙම නඩුව අද…

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අවකාශය සහ ඩිජිටල් පද්ධති සුරක්ෂිත කිරීම සඳහා වන නව ජාතික සැලැස්මකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, “ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ ක්‍රමෝපාය 2025-2029” ලෙස නම් කර ඇති මෙම නව වැඩපිළිවෙළ, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා…

වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදාහරින ලෙස අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඉතිහාසයේ ප්‍රථමවරට කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19,000 සීමාව පසු කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 19,000 සීමාව පසු කර යාමට සමත් වුණා. එසේම සමස්ත ගණුදෙනු පිරිවැටුම පෙරවරු 10.00 වන විට රුපියල් බිලියන 1.6 ලෙස සටහන් වී තිබෙනවා.

තරුණ සේවා සභාව සංවිධානය කරන නවීන තාක්ෂණික වැඩමුළු ත්‍රිත්වයක් අද පැවැත්වෙයි

International Youth Skills දිනය වෙනුවෙන් තරුණ සේවා සභාව සංවිධාන කරන නවීන තාක්ෂණික වැඩමුළු ත්‍රිත්වයක් අද (15) පැවැත්වෙනවා. ඒ අනුව, අද උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා මහරගම තරුණ සේවා පරිශ්‍රය තුළ මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මේ සඳහා…

ව්‍යාජ මුදල් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට

ඊයේ (14) සවස මොරටුව නගරයේදී ව්‍යාජ රුපියල් 5,000/- මුදල් නෝට්ටු 10 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිස් ස්ථනය පවසයි. සැකකාරිය වයස අවුරුදු 52 ක මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. එහිදී වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල්…

ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි. සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) දින ඒකක 297.13 ක (1.60%) සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 18,838.39 කින් දිනය අවසන් වුණා. ඒ අනුව, දිනය අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 9.5 ක්.

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක ඊයේ (13) ප්‍රකාශ කළා.  පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන…