Category Local News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 

වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 57 හැවිරිදි වනමුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු, තංගල්ල ප්‍රදේශයේ සිට පැමිණි කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය…

චීන දුම්වැටි තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (24) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිලධාරීන් පැවසුවේ රුපියල් හතලිස් දෙලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් මෙලෙස…

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය. මාවුස්සාකැලේ ජලාශයෙ ජල මට්ටම පිටාර මට්ටමේ සිට (24) දින අලුයම…

උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්  භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස  24 දින සිට අප්‍රේල් මස 24…

2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ 1.59% ක වර්ධනයක්

2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි. 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන…

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රංශ සෙනෙට් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ, ප්‍රංශ – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයෙන් පැමිණි නියෝජිත පිරිසක් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. නියෝජිත පිරිසට ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය…

ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස් සහ කථානායක අතර හමුවක්

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී හමු විය. මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් (Zunaira Latif) මහත්මිය…

ශ්‍රීලන්කන් එයාර්ලයින් ව්‍යාජ යෙදුම් වංචාවක් පිළිබඳව පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි

‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ (SriLankan Airlines) ආයතනයේ නාමය අවභාවිත කරමින් වට්ස්ඇප් (WhatsApp) ගිණුම් හරහා සිදු කරනු ලබන සංවිධානාත්මක මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය නිවේදනය කරයි. මෙම වංචාව සිදු කරනු ලබන්නේ අදාළ ආයතනයේ සේවාවක් බව අඟවමින් පුද්ගලයන් සම්බන්ධ කරගෙන,…

සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.  සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය.  එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින්…

ලංකාවට චීනයෙන් තෙල් නැවක්

පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ…