Category Local News

GovPay දකුණු පළාතටත්

GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල  මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ (15) ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ  ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය. ඒ අනුව,…

2025 දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 4.9% කින් වර්ධනය වෙයි

පසුගිය කාර්තු 07 ක කාලය තුළ පැවති හිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබමින්, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවැනි කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ,…

සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ඒ අනුව, අදාළ ප්‍රකාශය නිර්මාණය කළ සහ සමාජ මාධ්‍ය හරහා…

රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දෙයි

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පවසනවා. ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණ බවත්, ග්‍රාම නිලධාරිවරයා…

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අරුණි රණරාජාගේ නම හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ලෙස…

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇරඹේ

දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව, විභාගය සඳහා අවශ්‍ය අයදුම්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…

2025 රේගු ආදායම රුපියල් බිලියන 1,400 ඉක්මවයි

2025 වසරේ ගත වූ මාස 08 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,471 ක ආදායමක් ලබා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක් වන බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. රේගුව පසුගිය අගෝස්තු මාසයේ…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් එක් කාන්තාවක් මියගොස්, 06 කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් එක් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක, පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව…

දිල්ලි විශ්වවිද්‍යාලය අගමැති හරිනිට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් මැද භාගයේ ඉන්දියාවේ සිදු කිරීමට නියමිත සංචාරයේදී ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට දිල්ලි විශ්වවිද්‍යාලය (DU) සූදානම් වන බව නිල ලේඛන සමාලෝචනය කරමින් ද ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කර තිබේ. ඇය හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.…

BYD වාහනවල මෝටර් ධාරිතාව ගැන වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා. තමන් විසින්…