Category Local News

මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17 අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා ඒවා බවට තහවුරු වෙයි

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත…

වැලිමඩ අනතුරකින් දෙදෙනෙක්ට බරපතලයි

ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. තුවාලකරුවන් දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. වැලිමඩ, උඩපේරුව මාර්ගයේ වැලිමඩ සිට උඩපේරුව දෙසට ගමන් ගත් ලොරි රථයක්…

බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ගින්නක්

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ඊයේ (14) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න තවදුරටත් පැතිර යමින් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

සම්බා සහ කීරි සම්බා උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි ඉල්ලීමක්

සම්බා සහ කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. පොළොන්නරුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර…

ළමා හා මාතෘ සායනයන්හි වෛද්‍ය මධ්‍යස්ථානයන් ආරම්භ කිරිමට යයි

රජයේ රෝහල්වල දැනට පවතින අධික තදබදය මඟහරවා ගැනීමේ අරමුණින් ළමා හා මාතෘ සායනයන්හි වෛද්‍ය මධ්‍යස්ථානයන් ආරම්භ කිරිම රජයෙ තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර යටතේ ලබන මාසය තුළ මාතෘ හා ළමා සායනයන් 5ක නියමු ව්‍යාපෘති ආරම්භ කරන අතර මේ වසර…

තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රු.මිලියන 2085ක් වෙන් කරයි

මෙරට තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රුපියල් මිලියන 2085 ක මුදලක් මෙම වර්ෂයේ වෙන්කර ඇතිබව තැපැල් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…

වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත්අඩගුවට..

නීති විරෝධීව ජීප් රථ දෙකක් ආනයනය කර, ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත් අඩගුවට ගෙන තිබේ. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ  පුළුල් විමර්ශනයකින් අනතුරුවය. සැකකරුවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත…

අද දිනයේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු 

අද දිනයේදී උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වැඩි කාලයක් උණුසුමට නිරාවරණය හා ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් තෙහෙට්ටු…

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලුවලට අගමැතිනියගෙන් විසඳුම්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත…