Category Local News

සත්ත්ව සංගණනයට මාස 6යි

වගා හානි කරන වන සතුන්ගේ ගැටලුවට පිළියම් සෙවීමට වන සත්ත්ව සංගණනයක් සිදුකර මාස හයක් ගත වුවද වඳුරන් සහ රිළවුන් නිසා තමන් දිගින්දිගටම පීඩාවට පත්ව සිටින බවට කතරගම අවට ගොවීන් පවසයි. එසේම වඳුරන් හා රිළවුන් ශීඝ්‍රයෙන් බෝවීම හේතුවෙන් කතරගම පුදබිමට පැමිණෙන…

මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (14) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ රාත්‍රි කාලයේදී තිරුක්කෝවිල් පොලිස් වසමේ අක්කරපත්තු පොතුවිල් මාර්ගයේ තම්බිලුවිල් ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට…

ශ්‍රි ලංකාවට Low Floor බස් රථ ගෙන්වීමට ලංසු කැඳවයි

නගරවල පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සඳහා ‘පතුල පහත්’ (Low Floor) බස් රථ 100 ක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා. ප්‍රධාන නගරවල කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා සඳහා…

”විජේරාමයේ නිල නිවස ලක්ෂ 46ක කුලියට දී පෙන්වන්න” ජානක වක්කුඹුරගෙන් අභියෝගයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී තිබූ විජේරාම මාවතේ පිහිටි නිල නිවස ආණ්ඩුව පැවසූ පරිදි රුපියල් ලක්ෂ 46 කට කුලියට දී පෙන්වන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අභියෝග කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක්…

හෝටලයේ මැනේජර් එළොව යැවූ පොලිසියට වසර 21කට පසු දුන් නඩු තීන්දුව

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහරදී වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමේ චෝදනාවට පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. ලෝක අමද්‍යප දිනයදා මත්පැන්…

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මීට සුළු මොහාතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. මේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘතිය…

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම 18 වැනිදා ඇරඹේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වාචිකව මහජන අදහස් විමසීම ලබන 18 වැනිදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් එහි පළමු සැසිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ…

බැකෝ සමන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ ලබා දුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්,…

වැලිගම මාරක අනතුරක් – යතුරුපැදිකරුවෙක් මරුට, ලොරි රියැදුරෙක් අත්අඩංගුවට

වැලිගම පොලිස් වසමේ, වැලිගම-අකුස්ස මාර්ගයේ දෙනිපිටිය හන්දිය ආසන්නයේදී ඊයේ (13) සවස් කාලයේ සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසනවා. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම දෙස සිට අකුස්ස දෙසට ධාවනය වෙමින් තිබූ…

2026 වර්ෂයේ පැවැත්වෙන පාසල් විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා පැවැත්වීමට නියමිතය.…