Category Local News

මෛත්‍රීපාල සිරිසේන නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා. මේ අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානමින් සිටින බවයි සඳහන් වෙන්නේ. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී…

මහින්ද, විජේරාම නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර නික්ම ගොස් තිබෙනවා. ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ’ පනතේ විධිවිධාන අනුව, හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුව තිබෙනවා.

මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරු

මහේස්ත්‍රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා අදාළ…

බිමල් රත්නායකගේ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුව යළි උණුසුම් වෙයි

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, බිමල් රත්නායක විසින් “ලපයි සිපයි” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (11) දිනයේද රැස්වීමට නියමිතයි. ඒ අනුව, අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් වන පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවයි සඳහන්…

කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ යැයි කියන උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව කියන චෝදනාවටයි.

කැමති සමාගමකින් පොහොර ගන්න ගොවීන්ට ඉඩ

ගොවි­යාට කැමති සමා­ග­ම­කින් පොහොර ලබා­ගත හැකි වන ලෙස මෙවර පොහොර සහ­නා­ධා­රය ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (10) පැව­සීය. ඒ සඳහා වන QR කෝඩ් එකක් ගොවි­යාට ලබා­දෙන බවත් ලබන මාසයේ…

මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්

මොර­ටුව මහ­න­ගර සභාවේ මාර්ග සංව­ර්ධන ව්‍යාපෘති සිය හිත­ව­තුන්ට ලබා දීමෙන් රජ­යට පාඩු­ කි­රීම සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් අත්අ­ඩං­ගු­වට ගත් මොර­ටුව මහ­න­ගර සභාවේ හිටපු නග­රා­ධි­පති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැ­ම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ…

අදත් හවසට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හා විරුද්ධව ඡන්ද 01 ක් හිිමිවුණා.