Category Local News

කෙහෙළිය ඇතුළු පවුලට එරෙහි නඩුව යළි 15 වැනිදා කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යළි ලබන 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු…

මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

මොරටුවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

රනිල් නේපාලයේ තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි

නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, නේපාලයේ සිදු වූ තරුණයන් ඇතුළු සියලු ආකාරයේ මිනිස් ඝාතන තමා හෙළා දකින බවයි. රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවද…

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ අනුව, අද උදෑසන 8.35 ට කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මන්ඩු බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන්…

සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් අද (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඒ, ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදී ය. මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මීට දින 4කට පෙර…

අල්ලන්න හොයන සම්පත් මන­ම්පේරි පොලීසි­යට භාර දෙන්න

කුඩු ජාවා­රම සහ පාතා­ලය මර්ද­නය කිරී­මට නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා හා පොහො­ට්ටුව සැබෑ­ව­ටම කට­යුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙ­ණියේ අයිස් කන්ටේ­නර් සිද්ධි­යට චෝදනා එල්ල වී ඇති එම එම පක්ෂයේ සාමා­ජික සම්පත් මන­ම්පේරි වහාම පොලීසි­යට භාර­දීම බව අමාත්‍ය නලින්ද ජය­තිස්ස…

2025 වර්ෂයේ මූල්‍ය සාක්ෂරතා මාසය අද සිට ක්‍රියාත්මකයි

2025 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වන දින සිට  “මූල්‍ය සාක්ෂරතා මාසය” ආරම්භ කරන බව මහ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එය මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා…

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය ගැන කථානායක තීන්දුව අද

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා බාරදෙනු ලැබුවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්…

අගවිනිසුරු ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ සැකකරු රිමාන්ඩ්

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ බව පවසමින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම…