Category Local News

රුපියල් මිලියන 200ක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.9ක් සමග සැකකරුවෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයා තායිලන්තයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ.

සියඹලාණ්ඩුව රිවිදනවි සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹේ 

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…

අකුරැස්ස – දෙනියාය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර වෙනුවෙන් අද (06) සහ හෙට (07) දිනවලදී අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා. ඒ අනූව අද සහ හෙට රාත්‍රී 08: 00 සිට මධ්‍යම රාත්‍රී 12: 00 දක්වා…

බස් අනතුරින් මියගිය අයට අගමැතිනියගෙන් අවසන් ගෞරව

ඇල්ල වැල්ලවාය බස් රථ අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභා සේවකයින්ගේ මෘතදේහවලට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (06) පෙරවරුවේ තංගල්ල නගර ශාලාවට පැමිණියා. මෙම අනතුරින් තංගල්ල ප්‍රදේශයේ 15 දෙනකු මියගිය‍ ගොස් තිබුණා. ඉන් දේහ 12ක් තංගල්ල නගර…

ඊයේ කොළඹ වෙඩි තැබීම් දෙකක්

ඊයේ (05) රාත්‍රී 11.45 ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා. මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ. එම වෙඩි තැබීමෙන් තුවාල…

අද කාලගුණ නිවේදනය

අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප.ව. 2.00 න් පමණ පසුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…

අගමැතිනිය සහ ඉතාලියේ නියෝජ්‍ය මහලේකම් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් ඊයේ (04) වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. දේශපාලන උපදේශන සඳහා අවස්ථාවැඩි  කිරීම, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය…

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සඳහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 4කට පසු යලි යථා තත්ත්වයට පත් කෙරුණි. එම…

කෝටි ගාණක කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සමත්වී ඇත.  අදාළ සැකකරු අද (05) උදෑසන 7.45ට පමණ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් AI – 277 ගුවන් යානයෙන් මෙරටට පැමිණ…

ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් 4 දෙනෙකුට පොලිසියේ ඩී.අයි.ජී. පත්වීම්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට එකවර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට නිලධාරිනියන් සිව් දෙනෙකු කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කොට තිබෙනවා. පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි, පහත නම් සඳහන් නිලධාරිනියන් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන…