කොළඹ ජල කප්පාදුව අවලංගු කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (6) පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (6) පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

කෙහෙල්බද්දර පද්මේ විසින් මුදල් ආයෝජනය කර නුවරඑළියේ පවත්වාගෙන ගියේ යැයි හෙළිවී ඇති අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ස්ථානය හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව ඇත. මෙම ස්ථානයේ පාකිස්තානුවන් දෙදෙනකුද අයිස් නිෂ්පාදනයේ යෙදී සිට ඇති බව අනාවරණය වී ඇත. කුලියට ගත්…

පාතාලයන් අත්අඩංගුවට ගැනීමේදී නාමල් රාජපක්ෂලා ඇතුළු විපක්ෂය බියට පත්ව තිබෙන්නේ කුමක් නිසාදැයි රටම දන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. තමන්ගේ අතේ වරදක් නැති කිසි කෙනෙක් බිය විය යුතු නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “නාමල් රාජපක්ෂලා…

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවයි. කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස…

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 15 වන කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී මීට මොහොතකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා…

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.…

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම…

මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීම මෙම මස 07 වන ඉරිදා පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මහවෙල…

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියම කළා. නඩුව කොළඹ මහාධිකරණ විනිසුර සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන්…