Category Local News

අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහි නඩුවකට අධිචෝදනා ගොනුකර ඇති බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙයි

හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්…

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගැන විමර්ශනයක් ආරම්භ කරයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඔහු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශ පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. අමාත්‍යාංශ විමර්ශන ඒකකය…

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. ඒ අනුව, කොටුව දුම්රිය ස්ථානය…

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි

11.25 am – අද දෙරණ වාර්තාකරු පැවසුවේ මීට සුළු මෙහොතකට පෙර සාකච්ඡාවක් සඳහා විරෝධතාවයේ නියැලුනු පිරිසෙන් 6 දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට ගිය බවය. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.…

සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා සැප්තැම්බර් 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබේ. මත්ද්‍රව්‍ය…

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වැඩ වර්ජනයක

අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. ඒ අනුව, අද උදෑසන 8.00…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා. සිය පක්ෂ සංවත්සර සැමරුම් උත්සවය අද පස්වරුවේදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කළේ. ඒ සඳහා ආසන සංවිධායකවරුන්ට හා පක්ෂයේ…

හෙට කොළඹ ස්ථාන කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්

159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීම හේතුවෙන්, හෙට (03) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා. එම රථවාහන සැලැස්මට අනුව, බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා, හැව්ලොක් මාර්ගයේ රථවාහන…

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (01) කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද…

විපක්ෂය එක මිටට එකතු වෙලා ඉන්නේ ඔවුන්ගේ නඩුවලින් බේරෙන්න – සරත් ෆොන්සේකා

රටේ ප්‍රබල යැයි සඳහන් වූ දේශපාලන පක්ෂ කුඩු වී, සුනු විසුනු වී ගිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ අනුව, සමහර දේශපාලනඥයින් ආගිය අතක් හෝ සොයා ගැනීමට නොහැකි බවත්, සමහර දේශපාලනඥයින් ටිකෙන් ටික ‘වැලිකඩ පැත්තෙන්’ මතුවන…