Category Local News

පස්සර ප්‍රදේශයේ අභිරහස් මරණයන් දෙකක්

බදුල්ල – පස්සර 9 කණුව ප්‍රදේශයේ නිවසක තිබි අභිරහස ලෙස මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 සහ 38 වියේ පසුවන පස්සර හා ගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ. ප්‍රදේශවාසීයෙකු…

ඒකාබද්ධ කාල සටහනෙන් කොළඹ හලාවත මාර්ගයේ පමණක් දිනක අලාභය ලක්ෂ 50යි – ජාතික නිදහස් ප්‍රවාහන සේවක සමිතිය

දැනට ක්‍රියාත්මක ලංගම හා පෞද්ගලික බස් එකාබද්ධ කාල සටහන යටතේ බස් ධාවනය කිරීමෙන් කොළඹ හලාවත මාර්ගයේ බස් ධාවනයෙන් පමණක් දිනකට ලක්ෂ පනහක අලාභයක් සිදුවන බව ජාතික නිදහස් ප්‍රවාහන සේවක සමිතිය පවසනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය මගින් පෞද්ගලික…

ඉන්ධන මිල සංශෝධනය අද

සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ ක‍රා. අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරුණේ නැහැ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 289 කටත්, සුපිරි ඩීසල් ලීිටරයක්…

පොතුවිල් හිදි බස් රථයක් පෙරළී අයෙක් මරුට – 57ක් රෝහලට

පොතුවිල් ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් මේ වන විට කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ. කැප්පෙටිපොල සිට ආරුගම්බේ දක්වා විනෝද චාරිකාවක…

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක…

රුපියල් මිලියන 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් පසුගිය 27 සහ 29 දෙදින තුළ මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල…

ආසන පටි ගැසැට්ටුව අද

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි. ඊට අදාළව පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී…

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක්

මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් ඉදිිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය පසුගිය මාසයේදී 60 ක් ලෙස සටහන් වනවා. ඉදිකිරීම් ව්‍යාපෘතිවල ස්ථාවර වැඩිවීමක් පවතින බවයි අදාළ සමීක්‍ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ. නව…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව පළාතේත්, අම්පාර සහ…

පොලිසියේ අනීතික ක්‍රියා ගැන පැමිණිලි කිරීමට වෙනම ඒකකයක්

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් සිදුකරන අනීතික හා විෂමාචාරි ක්‍රියාවන් ගැන පැමිණිලි කිරීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ, අල්ලස් ඉල්ලීම්, ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම්, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාර නොගැනීම, මෙන්ම…