Category Local News

පොලිස්පති කාදිනල් හිමිපාණන් හමුවෙයි

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (28) දහවල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටන කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සුහඳ පිළිසදරක නිරතවිය. මෙම හමුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාද එක්විය. කාදිනල් හිමිපාණන්…

රාජිත මහාධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා. රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවා ඇති බවයි අමාත්‍ය ආචාර්ය…

පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (28) දහවල්  මෙම මාරක රිය අනතුර සිදුවූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. වව්නියාව සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට නින්ද…

හෙට අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින බව රාජිතගේ නීතිඥයන් අධිකරණයට දැනුම්දෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා…

රනිල්ගේ ලෙඩ ගැන මාධ්‍යයට කියූ බෙල්ලනට විනය පරීක්ෂණයක්

වෛද්‍ය ආචාරධර්ම හා නීති­යට පට­හැණිව හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බ­න්ධ­යෙන් ජන­මා­ධ්‍ය­යට කරුණු අනා­ව­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහ­තාට එරෙ­හිව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් විනය පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති,…

රනිල්ගේ නඩුව විභාග වෙද්දී උසාවිය ළඟට සෙනඟ ගෙනා දේශපාලකයන් 20ක් හඳුනාගැනෙයි

රජයේ මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එරෙ­හිව කොටුව අධි­ක­ර­ණයේ  නඩු කට­යුත්ත පැවති පෙරේදා (26) දින අධි­ක­ර­ණය අස­ලට පිරිස් සංවි­ධා­නා­ත්ම­කව රැස්කර අධි­ක­රණ කට­යු­තු­ව­ලට බල­පෑම් එල්ල කළ විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් 20කට වැඩි පිරි­සක් බුද්ධි අංශ විසින් මේ වන විට…

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය. රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය හා අධ්‍යාපන වෘත්තියේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෙම සාකච්ඡාවට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ…

කොටුව විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභා මන්ත්‍රීවරයෙක් බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය 26 වැනිදා…

පොලොන්නරුවේ වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම අද

පසුගිය මහ කන්නයේදී වගා හානි සිදු වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි ගෙවීම කඩිනම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව, වගා හානි සිදු වූ ගොවීන් විශාල පිරිසකට දැනටමත් වන්දි ගෙවා අවසන් බවත්, වන්දි ගෙවීමට ඉතිරිව…