Category Local News

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ…

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරනවා – ජනපති

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නොවන බවත්, නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන විය…

රනිල්ගේ නඩුව ගැන අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත්, විමර්ශනවලට බලපෑම් වන ආකාරයේ…

රනිල්ගේ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට නියෝග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වැනිදා නැවත කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපතිවරයා, අද (26) පස්වරුවේදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක්…

සජිත්, රනිල්ට සහය පළ කරන විරෝධතාවයට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයකට එක්ව සිටිනවා. ‘මර්දනයට එරෙහිව’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විරෝධතාව සඳහා හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටිනවා.…

දිලීප පීරිස්ට STF ආරක්ෂාව

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි සඳහන් වන්නේ. වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් වන්නේ.

රනිල් අද අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

රක්ෂිත බන්ධනාගාරගත වී දැනට ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට…

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව, අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයන්ගේ නඩු අංක පරීක්ෂා කර, ඔවුන්ගේ ගමන්මලු සහ ශරීරය දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි සඳහන් වන්නේ. එමෙන්ම, අධිකරණය පිහිටි කිව් මාර්ගය (Kew Road) වෙත…

බොරලැස්ගමුවේ වෙඩි තැබීමේ වෙඩික්කරු අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 24 වනදා අළුයම් කාලයේ බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ…