Category Local News

හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (25) දිනය සඳහා වලංගු වන පරිදි, 2025 අගෝස්තු 24 දින ප.ව. 03.30 ට නිකුත් කරන ලදී. උතුරු,…

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

මැදවච්චිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු  මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු…

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක්

දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා ඔහුගේ සුව දුක් බැලීමට පැමිණීම සීමා කරන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන දේශපාලඥයින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට…

මෙම සිදුවීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල හරය මත එල්ල කරන ලද සැලසුම් සහගත ප්‍රහාරයක් – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම වටා ඇති විශේෂ තත්ත්වයන්, රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය පිළිබඳ බරපතල කනස්සල්ලක් ඇති කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. ඒ අනුව, මෙම සිදුවීම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල හරය මත එල්ල කරන ලද සැලසුම්…

දේශපාලනඥයක් රිමාන්ඩ් එකේ හිටියේ නැත්නම් ඒ දේශපාලන චරිතය අංග සම්පූර්ණ වෙන්නේ නැහැ – මෛත්‍රී

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ආකාරයක් දක්නට ලැබෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගාමින් සිටින ආකාරයක් පෙනෙන්නට ඇති…

මාරක අනතුරු කිහිපයකින් තිදෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. පෑලියගොඩ, දුටුගැමුණු හන්දිය අසල පදිකමාරුවේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. පදිකමාරුවේ ගමන්ගත් කාන්තාවක් කාර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර චෙන්කලඩි ප්‍රදේශයේදී වෑන්…

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් රාජපක්ෂ

මර්දනයට සූදානම් නොවන ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කරන බවත්, ඉවසීමටද සීමාවක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව, මර්දනයට සූදානම් නොවී, මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන ලෙසද ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ…

තැපැල් වර්ජනය අද හත්වන දිනටත්

තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (24) හත්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා. සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද උදෑසන 9.00ට විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සාකච්ඡාවක් ලබා දී ඇති බවයි තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී.…

වෛද්‍යවරුන් හෙට වැඩවර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) වැඩවර්ජනයක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද (24) අලුයම වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. එම වෙඩි තැබීමෙන් 21 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.