Category Local News

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

හෙට ප්‍රදේශ රැසක් උණුසුම්

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ප්‍රදේශ රැසක හෙට (24) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද මෙම තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.…

‘මම හැමදාම රට වෙනුවෙන් වැඩ කළා, පුද්ගලික කාරණාවලට වැඩ කරලා නැහැ’ – රනිල් අත්අඩංගුවට ගැනීමට පෙර කල ප්‍රකාශය

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබුණි. අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ…

තැපැල් වර්ජනය අද හයවන දිනයටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනයටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක වනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගසා තිබුණු තැපැල් මලු ආරක්ෂක අංශ යොදවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල්…

අද සහ හෙට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය පවසනවා. ඒ අනුව, අද (23) සහ හෙට (24) යන දින දෙකේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩංදූව සහ බූස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය අවලංගු…

හිටපු ජනපති මහින්ද රනිල්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා. අද (23) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු…

සුළු වැරදිවලට දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදියි – මහින්ද

සුළු වැරදි නිසා දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදි දෙයක් බවත්, ඒ ගැන තමා කනගාටුවට පත්වෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසුව, මාධ්‍ය වෙත…

හිටපු ජනපති රනිල් හමුවුණා, ඔහු හොඳින් සිටිනවා – සජිත්

තමන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවූ බවත්, ඔහු හොඳින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා බැලීම සඳහා අද (23) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ආපසු පැමිණීමේදී මාධ්‍ය…

කුඩු කිලෝ 1ක් එක්ක පයාගල දී ජාවාරමෙක් දැලේ

හෙරොයින් කිලෝ 1යි ග්රෑම් 175ක් එක්ක සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසනවා. පයාගල පොලිස් වසමට අයත් කුඩා පයාගල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. සැකකකරු වයස අවුරුදු 44ක් වන පයාගල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව ද පොලිසිය කියනවා.