Category Local News

මහජනතාවට අපහසුතාවයක් සිදු වූවා නම් සමාව අයැදිනවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

තැපැල් වෘත්තිය සමිති විසින් දියත් කළ වැඩ වර්ජනය සාර්ථක කර ගැනීමට සහාය ලබාදුන් සියලුම කණ්ඩායම් වලට සිය ස්තුතිය පුද කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා‍. පවතින ගැටලු විසඳා ගැනීම සඳහා තමන් තවදුරටත් ඉදිරියට කටයුතු කරන බවයි එහි සම-කැඳවුම්කරු…

හිටපු ජනපති රනිල්ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් රෝහලට පැමිණෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව රෝහල්ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) උදෑසන පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසීමට තමා පැමිණි බවත්, රෝහල්…

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

විදෙස් රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු තාරේකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු කොරියාවේ රැකියා ලබාදෙන…

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස…

තැපැල් සේවකයින් අද යළි සේවයට වාර්තා කරයි

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ දිනයේ අවසන් වූ අතර, අද තැපැල් සේවකයින් යළි සේවයට වාර්තා කර තිබුණා. තැපැල් වෘත්තීය සමිති විසින් දින හයක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (24) දිනයේ අවසන් කිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය…

අධිකරණ තීන්දුවකට එරෙහිව ගියොත්, ඒකටත් නීතිය ක්‍රියාත්මක වෙයි – ටිල්වින්

රටේ නීතිය කාටත් සාධාරණ විය යුතු බවත්, එහි ඉහළ, පහළ භේදයක් තිබිය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. අධිකරණයෙන් තීරණයක් ගත් විටෙක, අධිකරණ තීන්දුවට කවුරුන් හෝ එරෙහි වෙනවා නම්, ඊට එරෙහිව කළු කොඩි එසවීම‍ට කථා කරනවා…

වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ලැඟුම්හලක සිටි දෙදෙනකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු විසින් මෙම වෙඩි…

ලංගම – පෞද්ගලික ඒකාබද්ධ බස් කාලසටහන අද සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පුද්ගලික අංශයේ දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද (25) සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. පළමු පියවර ලෙස කොළඹ සිට පුත්තලම – හලාවත මාර්ගයේ යාපනය දක්වා ගමන් ගන්නා බස්…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) සිදු කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවැති සාකච්ඡාවකදී ලබා දුන් ලිඛිත සහතිකයක් මත මෙම තීරණය ගත්…

අද කාලගුණ නිවේදනය

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…