Category Local News

පානදුර වෙඩි තැබීමක්

පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. නිවසක සිටි අයෙක් ඉලක්ක කර ගනිමින් සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා පලා යන්නට ඇති බව පොලීසිය සැක කරන අතර, සිද්ධිය…

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ සතුටක් තියෙනවා – විජිත හේරත්

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් ජනතාවට දැක බලා ගැනීමට මේ වන විට අවස්ථාව උදා වී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, මෙරට ජනතාව බොහෝ කාලයක් පුරාවට නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටි බවත්, නමුත්…

කුලියාපිටියේ පාසැල් වෑන් රථ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අද සිදු වූ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර්…

දඹුල්ලේදී වාහන 5 ක් එකිනෙක ගැටී අනතුරක්

කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන්වැව ප්‍රදේශයේදී රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව, කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් සහ දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම…

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම්…

ආනයනික අල සහ ලූනු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති…

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ජූනි මස 30 දින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන…

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දී ඝාතනය කෙරේ

මකුළුගස්වැව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දී, ඝාතනය කර තිබෙනවා. මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී, තවත් පුද්ගලයෙකු විසින් මාර්ගය හරස් කර නවතා පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනයට…

අගෝස්තු වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට යොමු කෙරේ

අගෝස්තු මාසයට අදාළව, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, රුපියල් කෝටි 299ක මුදලක්, ප්‍රතිලාභීන් 599,730 ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි එම…

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිසුන් තිදෙනෙක් මරුට

කුලියාපිටිය, විලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.