වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 57 හැවිරිදි වනමුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු, තංගල්ල ප්‍රදේශයේ සිට පැමිණි කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එහිදී වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් හා අඩි 5600ක් දිග වෙඩි බෙහෙත් වයර් තොගයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මෙම පුපුරණ දුව්‍ය තොගය ගල් කැඩීමට යොදාගැනීම සඳහා ප්‍රවාහනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විරකැටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.








