Month January 2025

දුර්ලභ කෙටි කන් බකමූණෙක් ලංකාවට ඇවිල්ලා

දුර්ලභ සංක්‍රමණික පක්ෂියෙකු පසුගියදා ශ්‍රී ලංකාවේ දැක ගැනීමට හැකිව තිබේ. පක්ෂි නිරීක්ෂකයකු වන මෝදිත කොඩිකාර ආරච්චි පවසන්නේ තමන් ජීවත් වන දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී සවස් යාමයක පක්ෂියා නිරීක්ෂණය වූ බවයි. සිය දෛනික නිරීක්ෂණ අතරතුර කොඩිකාර ආරච්චි, අහස හරහා විශාල බකමූණෙකුගේ…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, උතුරු-මැද,  ඌව  සහ වයඹ පළාත්වල…

ක්ලීන් ශ්‍රී ලංකා මඟින් රටේ නීතිය රැකෙනවා -අගමැතිනි හරිනි අමරසූරිය

ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කරගෙන රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය. නීතියේ ආධිපත්‍ය රට තුළ නැවත ස්ථාපිත කිරීම ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන…

සයිෆ් අලි ඛාන් රෝහලෙන් පිටව යයි

පිහි ඇනුම් ප්‍රහාරයකින් තුවාල ලද බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්, ප්‍රතිකාරවලින් පසු ඊයේ (21) රෝහලෙන් පිටව ගොස් තිබුණි. මුම්බායි හි ලීලාවතී රෝහලෙන් පිටව යන සයිෆ්ගේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවති. ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,…

ජනපති ධුරයේ දිවුරුම් දෙමින් ට්‍රම්ප් කියයි-බයිඩ්න්ගේ නියෝග 80කුත් ආපසු හරවයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් අගනුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ලේදී දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 4කට පසු නැවත ධවල මන්දිරයට යන 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාරම්භක දේශනයේදී හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය දූෂිත බව…

අමෙරිකාවේ ටික්ටොක් තහනම දින 75කට අත්හිටුවයි-ට්‍රම්ප්ගේ තීරණයට ඉලෝන් මස්ක්ගේ ප්‍රසාදය

ලොව පුරා දැඩි අවධානයට ලක්වූ අමෙරිකාව තුළ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම දින 75කට අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රමුඛතම තීන්දු අතර එය…

ක්‍රිකට් දෙවියා තෙන්ඩුල්කාර් සමඟ සටන් සගයෝ රැසක් කරළියට

ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවූ ලොව පුරා ප්‍රවීණයින් සහභාගී වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදෙමින් කුමාර් සංගක්කාර යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි. ඔහු සමඟ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා ලෙසින් හඳුන්වන සචින් තෙන්ඩුල්කාර්, ඔස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්, එංගලන්තයේ ඉයන් මෝගන්,…

ෂනොක් කටුකුරුන්දේදී ජයගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඇන්තනි ෂනොක් ශ්‍රී ලංකාවේදී මෝටර් රථ තරගයක් ජය ගැනීමට සමත් විය. ඔහු පසුගියදා කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේදී තම්බපන්ණි කණ්ඩායම නියෝජනය කරමින් එස්එල්ඊ කාණ්ඩයේ නිසාන් මාච් 1000 සීසී තරගය…

මලල ක්‍රීඩිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය ඇමැතිගෙන් සුබපැතුම්

ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොලොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා‌ සුබපැතුම් එක් කළේය. මැදිරිගිරිය,…

පාසල් පිරිවෙන් සිසුන්ට පාවහන් ගන්න 3000ක්

පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සිල්ම­ාතාවන් 822, 300ක් සඳහා පාසල් පාවහන් යුගලක් මිල දී ගැනීමට රුපියල් 3000ක තිළිණ පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය…