Category Foreign News

සෞදි – යේමන ප්‍රහාර දරුණු අතට

සෞදි අරාබියේ ගුවන්තොටුපළවල්, තෙල් පිරිපහදුවක් සහ රාජ්‍යයේ ස්ථාන රැසකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් පවසයි. ඔවුන් පැවසුවේ, සෞදිය ඉලක්ක කරගනිමින් මෙහෙයුම් තුනක් දියත් කළ බවය. ඉන් පළමු මෙහෙයුම රියාද් අගනුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ…

අඩි 34,000ක් ඉහළ අහසේදී නියමුවන් දෙදෙනෙකු ගුටි කෙළියක – යානය හදිසියේම ගොඩබස්වයි

ඩුබායිහි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබේ. යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් ඊට හේතුවී ඇති බව  සඳහන් වෙයි.…

AI නිසා මතුවෙන අර්බුද

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය කෙරෙහි චීන රජය දක්වන දැඩි අවධානය හමුවේ, එරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ කොටස් වෙළඳපොළ අගයන් වසර දහයකින් පහළම මට්ටම දක්වා ඇදවැටී ඇතැයි වාර්තා වෙයි. මෙය සීඝ්‍රයෙන් වර්ධනය වන එරට ඉහළ පෙළේ තාක්ෂණික ක්ෂේත්‍රයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවද…

ඉන්දියාවෙන් ‘බුලට් ට්‍රේන්’ ව්‍යාපෘතියක්

විදේශීය තාක්ෂණය මත යැපීම අවම කරමින් ස්වදේශීය දුම්රිය තාක්ෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින්, පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කළ හැකි ‘B35’ මාදිලියේ නවතම අධිවේගී ‘බුලට් ට්‍රේන්’ දුම්රියක් නිෂ්පාදනය කිරීමට ඉන්දීය දුම්රිය සේවය පියවර ගනිමින් සිටී. ඉන්දියාවේ මෙම දේශීය බුලට් ට්‍රේන්…

හිමාලයේ හිම කඳු නායයෑමකින් 10 දෙනෙකු අතුරුදන්

බටහිර නේපාලයේ, ටිබෙට් දේශසීමාව ආසන්නයේ පිහිටි මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් (Himlung Himal) කඳුවැටියේ  අද (27) උදෑසන සිදුවූ දරුණු හිම කඳු නායයාමක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. අතුරුදන් වූවන් අතර විවිධ ගවේෂණ සමාගම්වල නියෝජිතයින් මෙන්ම…

ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස්ට එරෙහි විරෝධතා දැඩිවෙයි

ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර් ධුරයෙන් ඉවත් කරන ලෙස රජයට බලකරමින් ආරම්භ කළ විරෝධතාව මේ වනවිට එරට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. ඡන්දදායක ලේඛන යාවත්කාලීන කිරීමේදී ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසිදායක අයුරින් කටයුතුකළ…

තායිවානය ආරක්ෂාව තර කරයි

තායිවානය විසින් Pratas දූපත් සමූහය වටා සිදුකරන නාවික මුර සංචාර තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. චීන ක්‍රියාකාරකම්වල වර්ධනයට ප්‍රතිචාරයක් ලෙස විශාල නෞකා නිරන්තරයෙන් එම ප්‍රදේශයට යෙදවීමද මීට ඇතුළත් වන බව තායිවාන පුවත් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තායිවානය…

කොංගෝවේ ගුවන් අනතුරක් – 14ක් මරුට

කොංගෝ රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව පවසයි. කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ජෙනරාල් ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා යන…

දකුණු අප්‍රිකාවේ නිවසක සමූහ වෙඩිතැබීමක් – 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

දකුණු අප්‍රිකාවේ ඩර්බන් (Durban) නගරය ආසන්නයේ පිහිටි නිවසක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) අඟහරුවාදා රාත්‍රියේ නිවසක් තුළ 14 දෙනෙකුගෙන් යුත් පිරිසක් සාදයක් පවත්වමින් සිටියදී ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් තිදෙනෙකු එහි පැමිණ පිරිසට වෙඩි තබා…

චීන ජනපතිව මහත් හරසරින් පිළිගන්න සැරසෙන වොෂින්ටනය

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයෙන් වොෂින්ටන් නුවර වෙත ඓතිහාසික රාජ්‍ය සංචාරයක් ආරම්භ කර තිබේ. මෙය දශකයකට ආසන්න කාලයකට පසු චීන නායකයෙකු අමෙරිකාවේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරය වීම විශේෂත්වයකි. මෙම හමුවේදී දෙරට අතර ප්‍රධාන වශයෙන්…