වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුකෙරෙන ජල කප්පාදුව අද (04) දිනයේදිත් සිදු කෙරෙනවා.
පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශ කිහිපයකට මෙම සැලසුම් කළ ජල කප්පාදුව සිදුවන අතර, ලබන 10 වැනිදා දක්වා එම ප්‍රදේශවල ජල සැපයුම වරින්වර සීමා කෙරෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියේ.
මෙම ජල කප්පාදුව පැය 24 ක කාලයකට සැලසුම් කර තිබුණු නමුත්, පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 18 ක් දක්වා අඩු කිරීමට පියවර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළා.
* පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 02 වැනිදා රාත්‍රී 8.00 සිට ඊයේ පස්වරු 2.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලැබුවා.
* හෝමාගම ප්‍රදේශයට ඊයේ (03) රාත්‍රි 8.00 සිට අද (04) පස්වරු 2.00 දක්වා පැය 18 ක කාලයකට ජල සැපයුම අත්හිටුවෙනු ඇති.
* පැලැන්වත්ත ප්‍රදේශයට අද (04) රාත්‍රි 8.00 සිට පසුදින එනම් අප්‍රේල් 05 වැනිදා පස්වරු 2.00 දක්වා ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
* පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත යන යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව දින තුනකට වරක් සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල යන ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට අලුයම 1.00 දක්වා පැය 3.00 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.








