පාකිස්ථාන T-20 කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සෑම ක්‍රීඩකයකුටම දඩයක් පනවයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් පාකිස්ථාන සංචිතයේ සෑම ක්‍රීඩකයකුටම පාකිස්ථාන රුපියල් මිලියන 5 බැගින් (අමෙරිකානු ඩොලර් 18,000ක් පමණ) දඩයක් නියම කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පියවර ගෙන තිබෙනවා.

මෙම තරගාවලියේ “සුපිරි අට” වටයෙන් ඉවතට විසිවීමත් සමඟ පාකිස්ථානය අඛණ්ඩව සිවුවැනි වරටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වී ඇති බවයි සඳහන් වන්නේ.

කණ්ඩායමේ පසුබෑම පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ පැවැති අභ්‍යන්තර සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, මෙම දඩය ලෝක කුසලාන සංචිතයේ සිටි සියලුම සාමාජිකයන්ට අදාළ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.