උතුරු ඊශ්‍රායලයට ඊයේ (02) එල්ල වූ ප්‍රහාරයක් අතරතුර ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
කඩවත ප්‍රදේශයේ සිට පැමිණි 43 හැවිරිදි කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර, අදාළ කාන්තාව රෝහල්ගත කළ පසු ඇගේ තත්ත්වය බරපතළ නොවන බැවින්, වෛද්‍යවරුන් විසින් නැවත ඇය පදිංචි ස්ථානය වෙත යොමු කර ඇති බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ.
අදාළ නිවසට ප්‍රහාරවලින් හානි සිදුව ඇති බැවින්, ඇය වෙනත් ස්ථානයකට යොමුකළ බවයි ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.








