අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙකු ගිනි අවියක් ද සමග වදුරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් වල දමා තිබූ මිලිමීටර් නමය වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගැණුනා.
පසුගිය වර්ෂයේදී කුමාර කන්ද ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ අඹුසැමි යුවළ ඝාතනය කිරිම, අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වන කෝසල නමැත්තා ඝාතනය කිරීම සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකට වෙඩි තැබිමේ සිද්ධිවලට අදාළ ගිණි අවි ප්‍රවහනය කිරිම ඇතුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වියේ පසු වන ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කෙරුණේ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ සහෝදරයා ද ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපළේදී එරට ආරක්ෂක අංශ මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, වෙනත් රටක් වෙත පළා යාමට උත්සහ කළ අවස්ථාවේදීයි.








