උත්සව සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත පැමිණීම සඳහා අද (16) දිනයේත් විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ කියා සිටියේ, අද සිට සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කෙරෙන බවයි.
එමෙන්ම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද සියයට 50ක පමණ පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.








