2025 GIT විභාගය ජනවාරි 11 වැනිදා පැවැත්වෙයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) 2026 ජනවාරි මස 11 වැනි දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

එසේම, තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම්, අදාළ විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුම්වත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.