ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල ගමන් ගත් ජීප් රථය සපුගස්කන්ද ප්රදේශයේ දී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ අනුව, ඊයේ රාත්රී 7.45 ට පමණ සපුගස්කන්ද, දෙනිමල්ල ප්රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන් ගත් මන්ත්රී අශෝක රන්වල ද ප්රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය හා යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.








