ජාත්‍ය­න්ත­රය ජය­ගත් අනු­ර­පුර කරාටේ දක්ෂ­යන්ට උප­හාර

පොදු රාජ්‍ය මණ්ඩ­ලීය කරාටේ ශූර­තා­ව­ලි­යේදී හා 8 වැනි දකුණු ආසි­යානු කරාටේ ශූර­තා­ව­ලියේ රිදී සහ ලෝකඩ පද­ක්කම් ජය­ග්‍ර­හ­ණය කළ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට උප­හාර පිරි­නැ­මීමේ උත්ස­ව­යක් ඊයේ (11) පැවැ­ත්විණි.

දකුණු අප්‍රි­කාවේ ඩර්බ­න්හිදී පැවති 11 වැනි පොදු රාජ්‍ය මණ්ඩ­ලීය කරාතේ ශූර­තා­ව­ලි­යේදී රිදී පද­ක්කම් ජය­ග්‍ර­හ­ණය කළ අනු­රා­ධ­පුර මධ්‍ය විද්‍යා­ලයේ ආර්.එම්.ටී.පී. සේනා­රත්න සහ එම විදු­හ­ලේම ටී.එම්.ආර්. ඉරු­ග­ල්බ­ණ්ඩාර (ලෝකඩ) සමඟ භූතා­නයේ පැවති 8 වැනි දකුණු ආසි­යානු කරාතේ ශූර­තා­ව­ලි­යේදී රිදී පද­ක්කම් දිනූ අනු­රා­ධ­පුර නිව­ත්ත­ක­චේ­තිය ජාතික පාසලේ ආර්. ඉදු­වර දෙවි­මිණ සහ අනු­රා­ධ­පුර සාන්ත ජෝසප් විද්‍යා­ලයේ එම්. සදලු සතිෂ් බන්දුල මෙහිදී ඇග­යී­මට ලක් වූහ.

උතුරු මැද පළාත් ආණ්ඩු­කාර වසන්ත ජින­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පළාත් සභා ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවති මේ උත්ස­ව­ය­යේදී මේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ පුහු­ණු­කරු වූ උතුරු මැද පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ ක්‍රීඩා නිල­ධාරී ඩබ්.එම්.ඒ. ප්‍රියන්ත විජේ­සිංහ මහතා මේ සඳහා කළ අපි­රි­මිත කැප­කි­රීම මෙහිදී ඇග­යී­මට ලක්විණි.

මේ අව­ස්ථා­වට අනු­රා­ධ­පුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විම­ල­සු­රිය, පළාත් ප්‍රධාන ලේකම් වරුණ සම­ර­දි­වා­කර, ආණ්ඩු­කර ලේකම් හා පළාත් ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ ලේකම් විජය වන­සිංහ, පළාත් ක්‍රීඩා අධ්‍ය­ක්ෂක රුවන් විජේ­සිංහ පිරි­සක් එක්ව සිටි­යහ.