ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද මහ­නු­වර රජ මාලි­ගාව හා කෞතු­කා­ගා­රය විවෘත කෙරේ

සංස්කෘ­තික සංර­ක්ෂ­ණය ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා වූ අමෙ­රි­කානු තානා­පති අර­මු­දලේ රුපි­යල් මිලි­යන 77ක මුද­ල­කින් ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද මහ­නු­වර ශ්‍රී දළදා මාලිගා පරි­ශ්‍රයේ පිහිටි රජ මාලි­ගාව සහ පුරා­විද්‍යා කෞතු­කා­ගා­රය එක්සත් ජන­පද තානා­ප­තිනී ජූලී චන්ග් මහ­ත්මි­යගේ සහ බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු පිළි­බඳ ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (11) විවෘත කෙරුණි.

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධී­ක්ෂ­ණය යටතේ මෙහි ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු 2021 වසරේ දී ආරම්භ විය. අදි­යර දෙක­කින් මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක විය. පළමු අදි­යරේ දී රාජ මාලි­ගාවේ ඓති­හා­සික යටි­තල පහ­සු­කම් සංර­ක්ෂ­ණය කිරීම සහ ආබාධ සහිත පුද්ග­ල­යින් සඳහා ප්‍රවේශ පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීම සිදු කෙරුණි.

දෙවන අදි­යර යටතේ පුරා­විද්‍යා කෞතු­කා­ගා­රයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සංස්කෘ­තික උරු­ම­යන් ඒ ආකා­ර­යෙන්ම මතු පර­පුර වෙත ආරක්ෂා කර­දීම කෙරෙහි එහිදී වැඩි අව­ධා­න­යක් යොමු කෙරුණු බව පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

ශ්‍රී ලංකාව සහ අමෙ­රිකා එක්සත් ජන­ප­දය දශක ගණ­නා­වක් පුරා ඉතා සහ­යෝ­ග­යෙන් වැඩ කට­යුතු සිදු කරන බවත් මෙම වැඩ­පි­ළි­වෙළ තුළින් ද පෙනී යන්නේ එම ශක්ති­මත් පද­නමේ ස්වභා­වය බවත් මෙහි දී අ‍ෙම­රි­කානු තානා­ප­තිනී ජූලි චන්ග් මහ­ත්මිය කීවාය.

ශ්‍රී ලංකාවේ සංස්කෘ­තික උරු­ම­යන් අනා­ගත පර­පුර සඳහා ආරක්ෂා කර­දීම පම­ණක් නොව එහි ස්වභා­වය ලොවට ප්‍රද­ර්ශ­නය කිරීම ද මේ ඔස්සේ සිදු­වන බවත් මෙම කෞතු­කා­ගා­රය ශ්‍රී ලාංකි­ක­යින්ට සහ විදේ­ශි­ක­යින්ට ශ්‍රී ලංකා ඉති­හා­සය ගවේ­ෂ­ණය කිරී­මට තෝතැ­න්නක් වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙරට සංචා­රක ව්‍යාපා­රය ප්‍රව­ර්ධ­නය සඳහා මෙම ඓති­හා­සික ස්ථානය මනා පිටු­බ­ල­යක් වනු ඇතැයි ද තානා­ප­ති­නිය කීවාය.

මෙම අව­ස්ථා­වට ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පුරා­විද්‍යා දෙපා­ර්ත‍ෙ­ම්න්තුවේ හා බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් සහ­භාගි වූහ.