උතුරු – නැඟෙනහිර පළාත් සඳහා බලපෑ සුළි කුණාටුවෙන් විපතට පත් ළමුන්ගේ සහ පවුල්වල හදිසි අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දක්වමින් මඩකලපුවේ සහ කිළිනොච්චියේ ළමුන් 800කට අධික පිරිසකට අවශ්‍ය ආධාර ලබාදීමට Òසේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකාÓ සංවිධානය කටයුතු කළ බව එම සංවිධානය පවසයි.

රජය සහ ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව මඩකලපුව හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කයන්හි කුඩා දරුවන් සිටින පවුල්, කාන්තා මූලික පවුල් සහ ආබාධ සහිත පුද්ගලයන් සිටින ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පරිත්‍යාග කළ බව ද ඔවුහු සඳහන් කළහ.
ඒ අනුව මුළුතැන්ගෙයි උපකරණ, මදුරු දැල්, ඇඳ ඇතිරිලි, ජෙරි කෑන්, ළදරු සබන්, ළදරු ක්‍රීම්, මදුරු දැල්, තුවා ආදිය සහිත භාණ්ඩ රැසක් ඇතුළත් කට්ටල මෙසේ බෙදා දුන් බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.








