රාජ්‍ය සේව­යට දේශ­පා­ලන බල­පෑම් නොක­ළත් අවශ්‍ය තැනදි මැදි­හත් වෙනවා-රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ නව සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම­කු­මාර

රාජ්‍ය සේව­යට දේශ­පා­ලන බල­පෑම් නොක­රන නමුත් අවශ්‍ය තැනදි අවශ්‍ය වෙලා­වේදි අදාළ මැදි­හ­ත්වීම ලබා­දෙන බව රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ නව සභා­පති ජාතික ජන බල­වේ­ගයේ රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම­කු­මාර මහතා පැව­සීය.

සිමිත රාජ්‍ය නිල­ධා­රීන් පිරි­සක් පැරණි දේශ­පා­ලන ලැදි­යා­වන් සමඟ කට­යුතු කරන බවට තොර­තුරු ඇතැයි ද කී මන්ත්‍රී­ව­රයා එය වෙනස් කර ජන­තාව දුන් ජන­ව­රමේ ප්‍රති­පත්ති අනුව කට­යුතු කරන්නේ දැයි බැලී­මට කාල­යක් දෙන බව සඳ­හන් කළේය.

නව රජයේ පළමු රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමිටු රැස්වී­මේදී ඔහු මේ අද­හස් පළ කළේය.

රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වීම,රත්න­පුර දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු ලේකම්, වසන්ත ගුණ­රත්න මහ­තාගේ කැඳ­වී­මෙන් හා රත්න­පුර දිස්ත්‍රික් අධ්‍යක්ෂ (ක්‍රම­ස­ම්පා­දන) ලලිත් බඹ­ර­බො­ටුව මහ­ත්ව­රුන්ගේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් පැවැ­ත්විණි.  එහිදී දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ සභා­ප­ති­ව­රයා මෙසේද පැව­සීය.

“රාජ්‍ය සේව­ක­යන් සිය­යට අසූ­වක් නව රජය බල­යට පත් කිරී­මට ඡන්දය ලබා­දීම ගැන ස්තුතිය පළ කර­නවා. කැමති වුණත් අක­මැති වුණත් ජන­තාව තුළ රාජ්‍ය සේවය ගැන ඇත්තේ හොඳ චිත්‍ර­යක් නොවන බව කිව යුතුයි.එක පැත්ත­කින් ජන­තාව කැමති නැහැ.  අපේ පැත්තෙන් රාජ්‍ය නිල­ධා­රින්ට බල­පෑ­මක් කරන්නේ නැහැ.ජන­තාව දුන් ජන­ව­රම තේරු­ම්ගෙන කට­යුතු කළොත් කිසිම ප්‍රශ්න­යක් ඇති වන්නේ නැහැ.රටේ සෑම ක්ෂේත්‍ර­යක්ම කඩා වැටිලා.  අපේ නිරී­ක්ෂ­ණ­යට ලක්වූ තැන් කීප­යක් තිබෙ­නවා. සීමිත නිල­ධා­රීන් පිරි­සක් තව­මත් පසු­ගිය කාලයේ මෙන් කට­යුතු කරන බව දැන­ගන්න තිබෙ­නවා.අපි කාල­යක් දෙනවා. සදා­චා­රා­ත්මක ලෙස කට­යුතු කරමු.

බුද්ධ ශාසන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි,නියෝජ්‍ය ඇමැති සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප්,රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ඩී. සුනිල් රාජ­පක්ෂ, ජී. උපුල් කිත්සිරි, එල්.ආර්.කේ. වසන්ත පුෂ්ප කුමාර, නීතිඥ ආර්.ජී. නිලූෂා ලක්මාලි, හේෂාන් විතා­නගේ, බී. ආරි­ය­වංශ,සබ­ර­ග­මුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීර­සූ­රිය මහම මහ­ත්මීහු ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.