කොලො­ම්බි­යානු හමු­දාව කොකේන් ටොන් 5ක් අත්අ­ඩං­ගු­වට ගනී

කැරී­බි­යන්  මුහු­දේදී අධි­වේගී බෝට්ටු­වක් හඹා ගිය කොලො­ම්බි­යාවේ හමුදා බෝට්ටු සහ යුද  ගුවන් යානා එහි තුළ තිබී කොකේන් ටොන් 5ක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත් වූ බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 113ක් වටිනා එම කොකේන්  තොගය මේ වස­රේදි කොලො­ම්බියා හමු­දාව විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ විශා­ල­තම  කොකේන් ප්‍රමා­ණය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. කොලො­ම්බි­යාවේ  ගුවන් හමු­දාව සහ නාවික හමු­දාව සහ අමෙ­රි­කාවේ විශේෂ කාර්ය බළ­කායේ දකුණු  කලා­පීය ඒක­කය ඒකා­බ­ද්ධව එම මෙහෙ­යුම සිදු කර ඇති අතර, ඒ අත­ර­තුර අධි­වේගී  බෝට්ටුවේ සිටි පුද්ග­ල­යන් එහි තුළ තිබූ කොකේන් පාර්සල් මුහු­දට වීසි කිරී­මට  පටන් ගත් බව ද වාර්තා වේ. කොකේන් තොගය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බෝට්ටුවේ සිටි  කොලො­ම්බි­යානු ජාති­ක­යන් තිදෙ­නකු සහ වෙනි­සි­යුලා සහ හොන්ඩ­රස් ජාති­ක­යන් දෙදෙ­නකු  රඳවා තබා­ගෙන ප්‍රශ්න කරන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *