මොස්කව් ප්‍රහා­ර­යට සැකපිට ටජි­කි­ස්තා­න­යේදී 9ක් අල්ලයි

රුසි­යාවේ  මොස්කව් නුවර ප්‍රසංග ශාලා­ව­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සැකපිට  ටජි­කි­ස්තා­නයේ පුද්ග­ල­යන් 9 දෙනකු එරට ආර­ක්ෂක සේවා මගින් අත්අ­ඩං­ගු­වට ගෙන  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යු­මට  රුසි­යානු ආර­ක්ෂක හමු­දාවේ සහාය ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  වාර්තා කළේය.

පුද්ග­ල­යන් 144 දෙන­කුට මරු කැඳවූ මොස්කව් ප්‍රහා­රය  සම්බ­න්ධව ඊට දින 18කට පෙර අමෙ­රි­කාව විසින් සිදු කළ අන­තුරු ඇඟ­වී­මට රුසි­යානු  බුද්ධි අංශය සහ ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින්ගේ අව­ධා­නය යොමුනොවීම ජාත්‍ය­න්තර  බුද්ධි අංශ­වල කන­ස්ස­ල්ලට හේතු වී ඇතැයි ද වාර්තා වේ. පාකි­ස්තාන, ටජි­කි­ස්තාන  සහ උස්බෙ­කි­ස්තාන ආග­මික අන්ත­වා­දීන් සම්බන්ධ විය හැකි ප්‍රහා­ර­යක් පිළි­බඳ කළ  අන­තුරු ඇඟ­වීම අමෙ­රි­කාවේ ජාතික ආර­ක්ෂක ඒජ­න්සි­යෙන් සහ මධ්‍යම බුද්ධි  ඒජ­න්සි­යෙන් ලද වාර්තා­ව­ලට අනුව බවත්, ජාත්‍ය­න්තර ප්‍රජා­වට ලබා දෙන එවැනි  අන­තුරු ඇඟ­විම් සැහැ­ල්ලු­වට ගැනීමේ ප්‍රති­ඵ­ලය රුසි­යා­වට අත්වි­ඳී­මට සිදුවූ බවත්  ජාත්‍ය­න්තර බුද්ධි අංශ සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

අමෙ­රි­කාවේ අන­තුරු  ඇඟ­වීමේ වග­කීම ඉරා­නය වැනි විරු­ද්ධ­වාදී රට­ව­ලට පවා නිකුත් කෙරෙන අතර, එම  අන­තුරු ඇඟ­වීම් අති­ශය තියුණු සහ විශ්වාස කළ හැකි මාර්ග­ව­ලින් ලබා ගන්නා  තොර­තුරු බව ද ජාත්‍ය­න්තර බුද්ධි අංශ පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන්  කළේය.

අමෙ­රි­කානු බුද්ධි අංශ අන­තුරු ඇඟ­වීම් ප්‍රකෝ­ප­කාරී ප්‍රකාශ බව  රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රහා­ර­යට දින තුන­කට පෙර සඳ­හන් කර ඇතැයි ද, රුසි­යානු  ආර­ක්ෂක අංශ පවා එම අන­තුරු ඇඟ­වීම් නොස­ලකා හැර ඇතැයි ද ජාත්‍ය­න්තර බුද්ධි  සේවා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *