ලැට්වියා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

යුක්රේන ඩ්‍රෝන යානා ලැට්වියානු භූමියට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇති වූ දේශපාලන අර්බුදයකින් පසු ලැට්වියානු අගමැති එවිකා සිලිනා ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

රුසියාව දෙසට එල්ලකළ යුක්රේන ඩ්‍රෝන යානා 2ක් පසුගිය මැයි 7 වැනිදා නැගෙනහිර ලැට්වියාවට කඩාවැටී තිබේ.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව කටයුතු කළ ආකාරය ගැන සෑහීමට පත්නොවූ එරට ආරක්ෂක ඇමති ඇන්ඩ්‍රිස් ස්ප්‍රඩ්ස්, අගමැතිනියගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර ඇත.

ඒ හේතුවෙන් ඔහුව සේවයෙන් පහකිරීමට අගමැතිනිය කටයුතු කළ අතර, ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමටද ඇය කටයුතු කළාය.

කෙසේ නමුත් ඇගේ එම තීරණයට විරෝධය පළ කරමින් ස්ප්‍රඩ්ස්ගේ ප්‍රගතිශීලී පක්ෂය, අගමැති සිලිනාගේ පාලක සන්ධානයෙන් ඉවත්විය.

ඒ හේතුවෙන් එළැඹෙන ඔක්තෝබර් මාසයේදී එරට මැතිවරණයට පැවැත්වීමට මාස කිහිපයක් තිබියදීම පාලක සන්ධානය බිඳ වැටුණි.