පාකි­ස්තා­නයේ උයි­ගර් සර­ණා­ග­ත­යන් 100ක් පිටු­ව­හල් කිරීමට නියෝග

පාකි­ස්තා­නයේ  සිටින උයි­ගර් සර­ණා­ග­ත­යන් 100 දෙන­කුව මේ මස මැද භාගයේ රම­ලාන් උප­වාස සමය  නිමා­වී­මෙන් පසු රටින් පිටු­ව­හල් කිරී­මට එරට රජය තීර­ණය කර ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේය. පාකි­ස්තාන නව රජයේ තීර­ණ­ය­කට අනුව මේ පිටු­ව­හල් කිරීම  සිදු වනු ඇතැයි ‘රේඩියෝ ෆ්‍රී ඒසියා‘ පුවත් සේවය වාර්තා කළේය. එම  සර­ණා­ග­ත­ය­න්ගෙන් පවුල් 18ක් වසර ගණ­නා­වක් පුරා පාකි­ස්තා­නයේ පදිං­චිව සිටින අතර,  ඔවුන් ද පිටු­ව­හල් කිරී­මට තීර­ණය වී ඇතැයි වාර්තා වේ. ඇෆ්ග­නි­ස්තා­න­යට හෝ  චීන­යට පිටු­ව­හල් කිරී­මෙන් විවිධ වධ­හිං­සා­ව­ලට ලක්වනු ඇතැයි උයි­ගර් සර­ණා­ග­ත­යන්  බියට පත්ව සිටින බවත් රේඩියෝ ෆ්‍රී ඒසියා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා  කළේය.

ඇෆ්ග­නි­ස්තා­නය කේන්ද්‍ර කර­ගත් ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් කිහි­ප­යක්  පසු­ගිය කාලයේ පාකි­ස්තා­නය තුළ බෝම්බ ප්‍රහාර රැස­කට සම්බන්ධ බවට තොර­තුරු  ලැබී­මෙන් පසු පාකි­ස්තා­නයේ සිටි මිලි­යන 1.7ක ඇෆ්ගන් සර­ණා­ග­ත­යන් පිරි­සක් රටින්  පිටු­ව­හල් කිරි­මට පසු­ගිය ඔක්තෝ­බ­රයේ සිට එරට රජය පිය­වර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *