ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති බවය.
වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.
අනුමත ඖෂධ හෝ එන්නත් නොමැතිව ඉබෝලා වින්දිතයින්ගේ අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථාවලට සහභාගී නොවන ලෙස එරට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.
ඉබෝලා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය ඉරිදා දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කරනු ලැබීය.








