බොරතෙල් මිල නැවතත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ .

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 90.15ක් ලෙස සටහන් තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇති බවය.