අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේදී සිදුකළ වෙඩි තැබීමකින් කුඩා දරුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ ශ්‍රීව්පෝට් (Shreveport) නගරයේදී අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි සඳහන්.
එහිදී පුද්ගලයන් 10 දෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 1ත් 14ත් අතර පසුවන කුඩා දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.








