සාම පා ගමන හෙට ඇරඹේ

අවි­හිං­සාව සහ ලෝක සාමය උදෙසා බුදුන් වැඩි මඟ ඔස්සේ ධර්මය පතු­රු­ව­මින් ගමන් ගන්නා සාම පා ගමන රාජ්‍ය අනු­ග්‍ර­හය යටතේ හෙට (21) ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කොට ඇතැයි බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශය පව­සයි.

මෙම සාම පා ගමන පංඥා­කාර ස්වාමීන් වහ­න්සේගේ නාය­ක­ත්ව­යෙන් යුත්, භික්ෂු පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදු කෙරෙන අතර අනු­රා­ධ­පුර ජය ශ්‍රී මහ බෝධි­වෘ­ක්ෂයේ රෝපිත අංකු­ර­යක් රැගෙන සිදු කිරී­මට නිය­මි­තය.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන, ශ්‍රී දළදා මාලි­ගාව, බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය, රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය, ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය සහ ජාතික නිර්මාණ මධ්‍ය­ස්ථා­නය ඇතුළු රාජ්‍ය හා පෞද්ග­ලික ආය­තන රැසක් මෙම ආධ්‍යා­ත්මික වැද­ග­ත්ක­මක් ඇති වැඩ­ස­ට­හ­නට සහය ලබා­දෙයි.

මෙම සාම පා ගමන අත­ර­තුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරු­මය, සාම්ප්‍ර­දා­යික කලා හා කර්මාන්ත ප්‍රචා­රය වීමක් අපේක්ෂා කෙරේ.

හෙට (21) ප.ව. 3.00ට අනු­රා­ධ­පු­රය ජය ශ්‍රී මහ බෝධි­න්ව­හ­න්සේගේ රෝපිත අංකු­රය සාම පා ගමන සිදු කරන භික්ෂූන් වහ­න්සේලා වෙත භාර­දීම සිදු කෙරෙන අතර ප.ව. 4.00ට රුව­න්වැලි සෑය අසල ආග­මික වැඩ­ස­ට­හන පැවැත්වේ.

අප්‍රේල් 22දා පෙ.ව. 6.30ට මාතලේ අලු­වි­හා­ර­යෙන් ගමන් ආරම්භ කෙරෙන අතර අප්‍රේල් 23දා පෙ.ව. 7.00ට අලු­වි­හා­ර­යෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන ශ්‍රී දළදා මාලි­ගාව දක්වා ගමන් ගැනී­මට නිය­මි­තය. ප.ව. 4.00ට මල්වතු හා අස්ගිරි මහ නාහි­මි­ව­රුන්ට ගරු කිරීම සහ දළදා වන්දනා වැඩ­ස­ට­හන සංවි­ධාන කොට තිබේ. අප්‍රේල් 24දා පෙ.ව. 6.45ට ශ්‍රී දළදා මාලි­ගාව සිට මාව­නැල්ල බෙලි­ග­ම්මන විද්‍යා­ව­ර්ධන පිරි­වෙන් පොත්ගුල් විහා­රය දක්වා පා ගමන සිදු කෙරෙයි. අප්‍රේල් 25 දා පෙ.ව. 6.30ට මාව­නැල්ල බෙලි­ග­ම්මන සිට තොලං­ග­මුව ජාතික පාසල දක්වා ගමන් ගැනී­මට නිය­මිත තෙර අප්‍රේල් 26දා පෙ.ව. 6.00ට තොලං­ග­මුව ජාතික පාසල සිට යක්කල අබේ­සේ­ක­රා­රා­මය දක්වා ගමන් කිරී­මට නිය­මි­තය. අප්‍රෙල් 27 දා පෙ.ව. 6.00ට යක්කළ අබේ­සේ­ක­රා­රා­මය සිට කැල­ණිය රාජ මහා විහා­රය දක්වා ගමන් ගැනී­මට නිය­මි­තය.

අප්‍රෙල් 28 දා පෙ.ව. 11.00ට පාසල් හා විශ්ව­වි­ද්‍යාල සිසුන් සමඟ විශේෂ සංවා­ද­යක්ද ප.ව. 4.00ට නිද­හස් චතු­ර­ස්‍රයේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහ­භා­ගි­ත්ව­යෙන් රාජ්‍ය උත්ස­ව­යක්ද පැවැ­ත්වෙන අතර නැවත ප.ව. 5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00ට ගංගා­රාම විහා­ර­ස්ථා­න­යට පැමි­ණී­මට නිය­මි­තය. ප.ව. 7.30 – “We are the Design” වැඩ­ස­ට­හන ආරම්භ කෙරෙයි.

මැයි 01දා උදෑ­සන සාම පා ගම­නට පැමිණි භික්ෂුන් වහ­න්සේලා නැවත අමෙ­රි­කා­වට පිටත් වීමට නිය­මි­තව තිබේ.

සාම පා ගමන වෙනු­වෙන් දක්වන රාජ්‍ය අනු­ග්‍ර­හය සහ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ බුද්ධ ශාසන සංස්කෘ­තික කට­යුතු හා ආග­මික කට­යුතු අමාත්‍ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පැව­සුවේ,

මේ වටිනා දුර්ලභ අව­ස්ථාව වෙනු­වෙන් මුළු­ම­හත් රජ­යේම ආශී­ර්වා­දය ලැබෙන බවයි. ලෝක පූජිත පංඥා­කර ස්වාමීන් වහන්සේ සහ උන්ව­හ­න්සේගේ ගුරු රත­න­ගුණ හිමි­යන් ලංකා­වට වැඩම කර­වා­ගෙන මේ සාම පා ගමන සංවි­ධාන කිරීම සම්බ­න්ධ­යෙන් පූජ්‍ය හිමි­යන්ට රජයේ ස්තූතිය හිමි වන බව ද කීවේය.

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ