GMOA වෛද්‍ය වර්ජනය අදත් පෙරවරු 8.00 සිට ආරම්භ වෙයි

අද (04) පෙරවරු 8.00 සිට නැවත වරක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිලිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙම සතිය ඇතුළත අවස්ථා දෙකකදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා.

කෙසේ වුවත්, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් දක්වන සෘණාත්මක ප්‍රතිචාර සැළකිල්ලට ගනිමින් නැවත වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කර සිටියේ‍.