රුපියල් කෝටි 25 කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 25 කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (02) පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා‍.

මෙම සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරුපැදි සයිලන්සර් අළුත්වැඩියා කරන්නෙක් බවයි දැක්වෙන්නේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ තිබුණු සයිලන්සර් 16 ක් තුළ, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 යි ග්‍රෑම් 500 ක් සඟවා ගෙන තිබියදී සිය භාරයට ගත් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.