ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් ලරිජානිගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු විසින් ඉරානය වෙනුවෙන් කළ සේවයෙන් ඇගයිමකට ලක් කර ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊයේ ප්‍රකාශ කර තිබුණේ ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි (Ali Larijani) ඝාතනය වී ඇති බවටය.
ඔහු ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින්, මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව වාර්තා වෙයි
අලි ලාරිජානි ඉරානයේ උපරිම ජාතික ආරක්ෂක මණ්ඩලයේ (SNSC) ලේකම්වරයා ලෙස 2025 අගෝස්තු මාසයේදී පත් කරන ලදි.
මේ අතර, ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇත.







