මැදපෙරදිග පවතින යුදමය තත්වයන් සමග මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළයාමේ හැකියාවක් පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි යම් වැඩිවීමක් සිදුව ඇති බවයි.
සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය ආසන්න වෙද්දී වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවුවද මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණයේ බලපෑම් මත දැනටමත් එම මිල ගණන්වල වැඩිවීමක් පෙන්නුම් කරනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිලෙහි යම් වැඩිවීමක් සිදුව ඇති බවයි.
මේ අතර වෙළඳපොළ තුල කිසිදු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.







