ජාතික නැකැත් සීට්ටුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසනවා.
නැකැත් සම්බන්ධයෙන් මත පළකළ කණ්ඩායම් සහ විෂයභාර අමාත්‍යවරයා අතර ඊයේ (16) සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඒ අනුව විකල්ප නැකත් කණ්ඩායමේ ජ්‍යෝතීර්වේදීන් සහ තවත් ජ්‍යෝතීර්වේදීන් යන දෙපාර්ශවයම විසින් ඒකාබද්ධව එක් නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළකළ බවයි ඔහු කියා සිටියේ.







